Saturday, January 14, 2017

ලොව සිව්වැනි විශාලතම වාහන නිපදවන්නා Renault-Nissan සමාගමයි

Renault-Nissan Alliance 2016 වසරේ නවතම දත්ත වලට අනුව ලොව සිව්වැනි විශාලතම වාහන නිෂ්පාදන සමාගම  බවට පත්වී තිබෙනවා.මෙම සන්ධානය නිර්මාණය වී තිබෙන්නේ සමාගම් 2 අතර සිද්ධ වෙච්ච කොටස් හුවමාරැවකින්.ඵ් කියන්නෙ Nissan සමාගමේ පාලන බලය වර්තමානයෙ පවතින්නෙ ප්‍රංශයේ Renault සමාගමටයි.ඵ් 43.4% ක කොටස් අයිතියක් රදවා ගනිමින්.Nissan සමාගම Renault සමාගමේ පාලන බලයක් රහිත 15% ක කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා.

මේ අනුව Renault සමාගමට , Dacia,Samsung,Alpine,Infinity,Datsun,Nissan,lada සහ මෑතකදී මිලට ගත් Mitsubishi යන වෙළෙද නාම අයිතිය හිමි වී තිබෙනවා.මේ අනුව Mitsubishi වෙළෙද නාමය 2020 පටන් ජීප් රථ (suv) සදහා පමණක් සීමා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.Mitsubishi සමාගමේ 34% ක පාලන කොටස් බලයට වර්තමානයේ හිමිකම් කියන්නේ ජපානයේම Nissan සමාගමයි.

මේ අතර Volvo සමාගම මගින් Nissan සමාගමේ truck රථ අංශය හා Renault සමාගමේ ට්‍රක් රථ අංශය මිලදී ගෙන  තිබෙනවා.ඵ් අනුව කලින් nissan diesel ව පැවති UD Trucks සහ Renault Trucks යන වෙළෙද නාමවල වර්තමාන හිමිකාරීත්වය දරන්නේ ස්වීඩනයේ Volvo සමාගමයි.Renault සමාගමේ කෘෂි වාහන නිෂ්පාදන අංශය ජර්මනිය claas විසින් අත්පත් කරගෙන තිබෙනවා.


0 comments:

Post a Comment

 

Srilanka Autosblog Template by Ipietoon Cute Blog Design