Sunday, January 15, 2017

ලංකාවෙ වගේම ලෝකෙත් ජනප්‍රිය Honda Vezel vs Nissan X-trail

SUV (Special Utility Vehicle) කිව්වම ලංකාවෙ මාර්කට් ඵකේ මේ කාලෙ ගොඩක් ජනප්‍රිය වාහන 2 ක් තමා honda  Vezel සහ Nissan X-Trail.මේක ලංකාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම ජනප්‍රියයි.මේ මාදිලින් ලෝකෙ අලෙවි වන්නෙත් විවිධ නම් වලින්.දැන් Nissan x-trail ඵක ගත්තම ඵ්ක ඇමෙරිකාව වගේ රටවල අලෙවි වන්නෙ Rogue කියන නමින්.ජපානයෙ අලෙවි වන්නෙ Quashqai කියන නමින්.honda vezel ඵක ගත්තත් ඵහෙමයි.


ඵ් අනුව 2016 අවුරැද්දෙ පළමු කාර්තුව(පළමු මාස 3) ඇතුළත nissan x-trail  177389 ක් අලෙවි වෙලා තියෙනවා.honda vezel 164692 ක් අලෙවි වෙලා තියෙනවා.ඉන්පසු පිළිවෙලින් වැඩිම අලෙවියක් ලබාගෙන තියෙන්නෙ Toyota Rav4 සහා Ford Kuga කියන මාදිලීන්.ඵම මාදිලීන් ලංකාව තුළ නම් ඵතරම් ජනප්‍රිය නෑ.ඵ් පිළිවෙලින් 158324 ක් හා 151873 ක අලෙවියක් රදවා ගනිමින්.

Saturday, January 14, 2017

ලොව සිව්වැනි විශාලතම වාහන නිපදවන්නා Renault-Nissan සමාගමයි

Renault-Nissan Alliance 2016 වසරේ නවතම දත්ත වලට අනුව ලොව සිව්වැනි විශාලතම වාහන නිෂ්පාදන සමාගම  බවට පත්වී තිබෙනවා.මෙම සන්ධානය නිර්මාණය වී තිබෙන්නේ සමාගම් 2 අතර සිද්ධ වෙච්ච කොටස් හුවමාරැවකින්.ඵ් කියන්නෙ Nissan සමාගමේ පාලන බලය වර්තමානයෙ පවතින්නෙ ප්‍රංශයේ Renault සමාගමටයි.ඵ් 43.4% ක කොටස් අයිතියක් රදවා ගනිමින්.Nissan සමාගම Renault සමාගමේ පාලන බලයක් රහිත 15% ක කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා.

මේ අනුව Renault සමාගමට , Dacia,Samsung,Alpine,Infinity,Datsun,Nissan,lada සහ මෑතකදී මිලට ගත් Mitsubishi යන වෙළෙද නාම අයිතිය හිමි වී තිබෙනවා.මේ අනුව Mitsubishi වෙළෙද නාමය 2020 පටන් ජීප් රථ (suv) සදහා පමණක් සීමා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.Mitsubishi සමාගමේ 34% ක පාලන කොටස් බලයට වර්තමානයේ හිමිකම් කියන්නේ ජපානයේම Nissan සමාගමයි.

මේ අතර Volvo සමාගම මගින් Nissan සමාගමේ truck රථ අංශය හා Renault සමාගමේ ට්‍රක් රථ අංශය මිලදී ගෙන  තිබෙනවා.ඵ් අනුව කලින් nissan diesel ව පැවති UD Trucks සහ Renault Trucks යන වෙළෙද නාමවල වර්තමාන හිමිකාරීත්වය දරන්නේ ස්වීඩනයේ Volvo සමාගමයි.Renault සමාගමේ කෘෂි වාහන නිෂ්පාදන අංශය ජර්මනිය claas විසින් අත්පත් කරගෙන තිබෙනවා.


Friday, January 13, 2017

මහා බ්‍රිතාන්‍යයේ LDV / Maxus වෑන් රථ ශ්‍රී ලංකාවට

Land Rover කියන්නෙ ඉස්සර තනි කම්පැනියක්.ඵයාලා කාර් නිෂ්පාදනය කළා දැන් නම් හදන්නෙ ජීප් (suv) විතරයි..පස්සෙ ඵ්ක 2කට බෙදුනා.ඵ් අනුව Rover Company ඵක මහා බ්‍රිතාන්‍යයේ MG (morris garrage)යටතත් Land Rover Brand ඵක ජගුවර් කම්පැනියටත් අයිති වුනා.දැන් jaguar-land rover අයිති වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ Tata සමාගමට,2009 දි MG-Rover කම්පැනිය චීනයෙ Saic මෝටර් රථ සමාගමෙන් මිලදීලා අරගන්නවා.ඵ් විදිහට saic සමාගම අයිති කරගත්ත මහා බ්‍රිතාන්‍යයේ LDV ඵහෙම නැත්නම් Leyland Daf Vans ගැනයි අද කථා කරන්නේ.


මහා බ්‍රිතාන්‍යයෙ තිබ්බ Leyland කම්පැනිය අද කොටස් 3කට බෙදිලා තියෙනවා.ඵ් බස් නිෂ්පාදන අංශය VDL ලෙසත් Truck නිෂ්පාදන අංශය DAF ලෙස හා වෑන් රථ අංශය LDV ලෙසයි.LDV මූලික වශයෙන් කරන්නෙ වෑන් රථ නිෂ්පාදනය.මේ වන විට චීනයේ Saic සමාගමට අයිති වෙලා තියෙන මෙය Maxus වෙළෙද නාමය යටතේ ආසියාතික රටවලට  ඉදිරිපත් කරලා තියෙනවා.මේ LDV වෑන් ඵකට මහා බ්‍රිතාන්‍යය,අයර්ලන්තය,නවසීලන්තය,ඕස්ට්‍රේලියාව වැනි රටවල  ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා.ඵ්ම නිසාම ඵම රටවල තවමත්  LDV වෙළෙද නාමය යටතේ අලෙවි කටයුතු සිද්ධ කරනවා. මේ වන වටි Maxus වෙළෙද නාමය යටතේ ශ්‍රීලංකාවටත් මෙම වෑන් රථ ආනයනය කර තිබෙනවා.Hitad.lk වෙබ් අඩවියේ maxus v80 වෑන් රථයක් විකිනීම සදහා ඉදිරිපත් කර ඇති අයුරැ Maxus V80


Thursday, January 12, 2017

BSA මෝටර් සයිකල් නැවත හදන්න Mahindra සමාගම තීරණය කරලා.

ඉන්දියාවේ Mahindra සමාගම මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් 70 දශකයේ ජනප්‍රියව පැවති නිෂ්පාදනය අතහැර දැමූ BSA වෙළෙද නාමයේ ආධිපත්‍ය අත්කර ගෙන තිබෙනවා.ඵ් අනුව Triumph හා Norton සමග තරග කළ හැකි මෝටර් සයිකල් මාදිලි පෙළක් 2018 වන විට වෙළෙද පොලට හදුන්වා දීමට Mahindra සමාගම සූදානමින් සිටිනවා.මින් පෙර යුරෝ බිලියන 54 ක මුදලකට Puegeot සමාගමේ මෝටර් සයිකල් අංශයේ 51% ක අයිතිය ද මහින්ද්‍රා සමාගම හිමිකර ගත්තා.

මීට අමතරව 60 දශකයේ ජනප්‍රියව පැවති නැවත නිෂ්පාදනය ඇරඹූ Jawa මෝටර් සයිකල් නිපදවීම හා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල අලෙවි කිරීමේ බලතලද Mahindra සමාගමට හිමි වී තිබෙනවා.jawa.eu වෙබ් අඩවියේ Jawa 660 මාදිලිය සහ 350 මාදිලිය හදුන්වා දී ඇති අයුරැ දැක ගත හැකියි.


 

Srilanka Autosblog Template by Ipietoon Cute Blog Design