Thursday, January 12, 2017

BSA මෝටර් සයිකල් නැවත හදන්න Mahindra සමාගම තීරණය කරලා.

ඉන්දියාවේ Mahindra සමාගම මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් 70 දශකයේ ජනප්‍රියව පැවති නිෂ්පාදනය අතහැර දැමූ BSA වෙළෙද නාමයේ ආධිපත්‍ය අත්කර ගෙන තිබෙනවා.ඵ් අනුව Triumph හා Norton සමග තරග කළ හැකි මෝටර් සයිකල් මාදිලි පෙළක් 2018 වන විට වෙළෙද පොලට හදුන්වා දීමට Mahindra සමාගම සූදානමින් සිටිනවා.මින් පෙර යුරෝ බිලියන 54 ක මුදලකට Puegeot සමාගමේ මෝටර් සයිකල් අංශයේ 51% ක අයිතිය ද මහින්ද්‍රා සමාගම හිමිකර ගත්තා.

මීට අමතරව 60 දශකයේ ජනප්‍රියව පැවති නැවත නිෂ්පාදනය ඇරඹූ Jawa මෝටර් සයිකල් නිපදවීම හා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල අලෙවි කිරීමේ බලතලද Mahindra සමාගමට හිමි වී තිබෙනවා.jawa.eu වෙබ් අඩවියේ Jawa 660 මාදිලිය සහ 350 මාදිලිය හදුන්වා දී ඇති අයුරැ දැක ගත හැකියි.


0 comments:

Post a Comment

 

Srilanka Autosblog Template by Ipietoon Cute Blog Design