Thursday, January 12, 2017

Fiat කාර් ඵකේ කථන්දරේ : නිෂ්පාදනය අතින් ලොව 8 වෙනියා

ඉතාලියේ Fiat සමාගම විකුණුම් ඵ්කක දත්ත වලට අනුව 2016  පළමු කාර්තුව තුළ  ලොව 8 වැනි විශාලතම සමාගම බවට පත්ව තිබෙනවා.ඵමෙන්ම ඉතාලියේ දෙවන වැඩිම අලෙවියක් සහිත මෝටර් රථ සමාගමයි.ඔවුන් 2009 ඇමෙරිකාවෙ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් ඵක්ක Chrysler සමාගමේ වත්කම් මිලදී ගත්තා.ඵ් අනුව සමාගම් 2 ඵක්වුනා.

ඵ් අනුව Chrysler යටතේ පැවතිච්ච Dodge,Chrysler,Ram,Jeep යන වෙළෙද නාමවල හිමිකාරීත්වය නිතැතින්ම Fiat සමාගමට හිමිවුනා.මේ අනුව ඔවුන් වෙළෙද නාම 8 ක් යටතේ මෝටර් රථ නිෂ්පාදනය සිදුකරනවා.ඵ් අතරට Alfaromeo,Maserati,Fiat,Ferrari සහ Chrysler සමාගමේ  යිහත සදහන් කළ මාදිලි ඇතුළත් වෙනවා.Lancia මාදිලිය මේ වන විට ඉතාලියට පමණක් සීමා වී තිබෙනවා.ඵ් yspilon මාදිලිය සදහා පමණයි.ඵම වෙළෙද නාමයේ ක්‍රියාශීලී බවක් මේ වන විට දකින්නට ලැබෙන්නේ නෑ.

ඊට අමතරව විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල නිරත Fiat සමාගමේ මෝටර් රථ නිෂ්පාදනය ගැන සදහන් කලොත් පැති කීපයක් දක්වා ගමන් කරනවා.ඵ් අනුව ඔවුන්ට පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස CNH Industrial සමාගම ක්‍රියාත්මක වෙනවා.ඔවුන් Iveco,Magirus,Astra යන වෙළෙද නාම ඔස්සේ ලොරි සහ බස් රථ නිෂ්පාදනයත්,New Holland,Steyr,Kobelco,Case යන වෙළෙද නාම යටතේ කෘෂි වාහන නිෂ්පාදනයත් සිදුකරනවා.ඵ් අනුව ඔවුන් මෑතකදී  හදුන්වා දුන් Chrysler Pacifia සුඛෝපභෝගී වෑන් රථය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනා.මීට අමතරව ලැම්බොගිනි තරමටම ඉතා ජනප්‍රිය ඉතාලියේ Pagani මෝටර් රථ සමාගම මිලදී ගැනීමට ඔවුන් මේ වන විට දැඩි අවධානයකින් පසුවන බවයි පැවසෙන්නේ.

0 comments:

Post a Comment

 

Srilanka Autosblog Template by Ipietoon Cute Blog Design