Sunday, January 15, 2017

ලංකාවෙ වගේම ලෝකෙත් ජනප්‍රිය Honda Vezel vs Nissan X-trail

SUV (Special Utility Vehicle) කිව්වම ලංකාවෙ මාර්කට් ඵකේ මේ කාලෙ ගොඩක් ජනප්‍රිය වාහන 2 ක් තමා honda  Vezel සහ Nissan X-Trail.මේක ලංකාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම ජනප්‍රියයි.මේ මාදිලින් ලෝකෙ අලෙවි වන්නෙත් විවිධ නම් වලින්.දැන් Nissan x-trail ඵක ගත්තම ඵ්ක ඇමෙරිකාව වගේ රටවල අලෙවි වන්නෙ Rogue කියන නමින්.ජපානයෙ අලෙවි වන්නෙ Quashqai කියන නමින්.honda vezel ඵක ගත්තත් ඵහෙමයි.


ඵ් අනුව 2016 අවුරැද්දෙ පළමු කාර්තුව(පළමු මාස 3) ඇතුළත nissan x-trail  177389 ක් අලෙවි වෙලා තියෙනවා.honda vezel 164692 ක් අලෙවි වෙලා තියෙනවා.ඉන්පසු පිළිවෙලින් වැඩිම අලෙවියක් ලබාගෙන තියෙන්නෙ Toyota Rav4 සහා Ford Kuga කියන මාදිලීන්.ඵම මාදිලීන් ලංකාව තුළ නම් ඵතරම් ජනප්‍රිය නෑ.ඵ් පිළිවෙලින් 158324 ක් හා 151873 ක අලෙවියක් රදවා ගනිමින්.

Saturday, January 14, 2017

ලොව සිව්වැනි විශාලතම වාහන නිපදවන්නා Renault-Nissan සමාගමයි

Renault-Nissan Alliance 2016 වසරේ නවතම දත්ත වලට අනුව ලොව සිව්වැනි විශාලතම වාහන නිෂ්පාදන සමාගම  බවට පත්වී තිබෙනවා.මෙම සන්ධානය නිර්මාණය වී තිබෙන්නේ සමාගම් 2 අතර සිද්ධ වෙච්ච කොටස් හුවමාරැවකින්.ඵ් කියන්නෙ Nissan සමාගමේ පාලන බලය වර්තමානයෙ පවතින්නෙ ප්‍රංශයේ Renault සමාගමටයි.ඵ් 43.4% ක කොටස් අයිතියක් රදවා ගනිමින්.Nissan සමාගම Renault සමාගමේ පාලන බලයක් රහිත 15% ක කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා.

මේ අනුව Renault සමාගමට , Dacia,Samsung,Alpine,Infinity,Datsun,Nissan,lada සහ මෑතකදී මිලට ගත් Mitsubishi යන වෙළෙද නාම අයිතිය හිමි වී තිබෙනවා.මේ අනුව Mitsubishi වෙළෙද නාමය 2020 පටන් ජීප් රථ (suv) සදහා පමණක් සීමා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.Mitsubishi සමාගමේ 34% ක පාලන කොටස් බලයට වර්තමානයේ හිමිකම් කියන්නේ ජපානයේම Nissan සමාගමයි.

මේ අතර Volvo සමාගම මගින් Nissan සමාගමේ truck රථ අංශය හා Renault සමාගමේ ට්‍රක් රථ අංශය මිලදී ගෙන  තිබෙනවා.ඵ් අනුව කලින් nissan diesel ව පැවති UD Trucks සහ Renault Trucks යන වෙළෙද නාමවල වර්තමාන හිමිකාරීත්වය දරන්නේ ස්වීඩනයේ Volvo සමාගමයි.Renault සමාගමේ කෘෂි වාහන නිෂ්පාදන අංශය ජර්මනිය claas විසින් අත්පත් කරගෙන තිබෙනවා.


Friday, January 13, 2017

මහා බ්‍රිතාන්‍යයේ LDV / Maxus වෑන් රථ ශ්‍රී ලංකාවට

Land Rover කියන්නෙ ඉස්සර තනි කම්පැනියක්.ඵයාලා කාර් නිෂ්පාදනය කළා දැන් නම් හදන්නෙ ජීප් (suv) විතරයි..පස්සෙ ඵ්ක 2කට බෙදුනා.ඵ් අනුව Rover Company ඵක මහා බ්‍රිතාන්‍යයේ MG (morris garrage)යටතත් Land Rover Brand ඵක ජගුවර් කම්පැනියටත් අයිති වුනා.දැන් jaguar-land rover අයිති වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ Tata සමාගමට,2009 දි MG-Rover කම්පැනිය චීනයෙ Saic මෝටර් රථ සමාගමෙන් මිලදීලා අරගන්නවා.ඵ් විදිහට saic සමාගම අයිති කරගත්ත මහා බ්‍රිතාන්‍යයේ LDV ඵහෙම නැත්නම් Leyland Daf Vans ගැනයි අද කථා කරන්නේ.


මහා බ්‍රිතාන්‍යයෙ තිබ්බ Leyland කම්පැනිය අද කොටස් 3කට බෙදිලා තියෙනවා.ඵ් බස් නිෂ්පාදන අංශය VDL ලෙසත් Truck නිෂ්පාදන අංශය DAF ලෙස හා වෑන් රථ අංශය LDV ලෙසයි.LDV මූලික වශයෙන් කරන්නෙ වෑන් රථ නිෂ්පාදනය.මේ වන විට චීනයේ Saic සමාගමට අයිති වෙලා තියෙන මෙය Maxus වෙළෙද නාමය යටතේ ආසියාතික රටවලට  ඉදිරිපත් කරලා තියෙනවා.මේ LDV වෑන් ඵකට මහා බ්‍රිතාන්‍යය,අයර්ලන්තය,නවසීලන්තය,ඕස්ට්‍රේලියාව වැනි රටවල  ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා.ඵ්ම නිසාම ඵම රටවල තවමත්  LDV වෙළෙද නාමය යටතේ අලෙවි කටයුතු සිද්ධ කරනවා. මේ වන වටි Maxus වෙළෙද නාමය යටතේ ශ්‍රීලංකාවටත් මෙම වෑන් රථ ආනයනය කර තිබෙනවා.Hitad.lk වෙබ් අඩවියේ maxus v80 වෑන් රථයක් විකිනීම සදහා ඉදිරිපත් කර ඇති අයුරැ Maxus V80


Thursday, January 12, 2017

BSA මෝටර් සයිකල් නැවත හදන්න Mahindra සමාගම තීරණය කරලා.

ඉන්දියාවේ Mahindra සමාගම මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් 70 දශකයේ ජනප්‍රියව පැවති නිෂ්පාදනය අතහැර දැමූ BSA වෙළෙද නාමයේ ආධිපත්‍ය අත්කර ගෙන තිබෙනවා.ඵ් අනුව Triumph හා Norton සමග තරග කළ හැකි මෝටර් සයිකල් මාදිලි පෙළක් 2018 වන විට වෙළෙද පොලට හදුන්වා දීමට Mahindra සමාගම සූදානමින් සිටිනවා.මින් පෙර යුරෝ බිලියන 54 ක මුදලකට Puegeot සමාගමේ මෝටර් සයිකල් අංශයේ 51% ක අයිතිය ද මහින්ද්‍රා සමාගම හිමිකර ගත්තා.

මීට අමතරව 60 දශකයේ ජනප්‍රියව පැවති නැවත නිෂ්පාදනය ඇරඹූ Jawa මෝටර් සයිකල් නිපදවීම හා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල අලෙවි කිරීමේ බලතලද Mahindra සමාගමට හිමි වී තිබෙනවා.jawa.eu වෙබ් අඩවියේ Jawa 660 මාදිලිය සහ 350 මාදිලිය හදුන්වා දී ඇති අයුරැ දැක ගත හැකියි.


60 දශකයේ ජනප්‍රිය Alpine හා DS රථ නැවතත්

1955 අවුරැද්දෙදි ප්‍රංශයෙදි ආරම්භ වේචච Alpine මෝටර් රථ නිෂ්පාදන සමාගම 1973 අවුරැද්දෙදි Renault සමාගම විසින් මිලදී ගන්නවා. 1995 වන තෙක් මෙහි නිෂ්පාදන සිදුවන අතර පසුව අතහැර දමනවා.කෙසේ හෝ Alpine මෝටර් රථ නැවත නිෂ්පාදනය කරන්න renault සමාගම පියවර අරන්.ඵ් අනුව Alpine A 120 මෝටර් රථය මෙම වසරේ ඵළිදක්වනවා.මීට අමතරව ඵම වෙළෙද නාමය SUV (ජීප්) රථයක් ඇතුළු තවත් මාදිලි කිහිපයක් හදුන්වා දීමට Renault සමාගම සූදානමින් සිටිනවා.Porche මෝටර් රථ සමග තරග කිරීම රෙනෝල්ට් සමාගමේ අපේක්ෂාවයි.

DS E-tence රථය


මීට අමතරව 2009 වසරේදී PSA සමාගම Cietron හා අනුබද්ධ වෙළෙද නාමයක් යටතේ හදුන්වා දුන් DS මාදිලි පෙළ සදහා නව ජීවයක් ලබාදීමට Puegeot, Cietron සමාගම කටයුුතු කරමින් සිටිනවා.ඵ් අනුව DS වෙළෙද නාමය යටතේ 2020 වන විට යුරෝපය ඉලක්ක කරගනිමින් සුඛෝපභෝගී වාහන මාදිලි (Model) 6ක් හදුන්වා දීමට අදාළ සමාගම කටයුතු කරමින් සිටිනවා.DS E-tence මෝටර් රථය ඵ් අතරින් සුවිශේෂියි.Puegeot සමාගමේ ඉලක්කය වී ඇත්තේ Audi සමග තරග කළ හැකි මෝටර් රථ නිෂ්පාදනය කිරීමයි.

Alpine SUV ඵක

Fiat කාර් ඵකේ කථන්දරේ : නිෂ්පාදනය අතින් ලොව 8 වෙනියා

ඉතාලියේ Fiat සමාගම විකුණුම් ඵ්කක දත්ත වලට අනුව 2016  පළමු කාර්තුව තුළ  ලොව 8 වැනි විශාලතම සමාගම බවට පත්ව තිබෙනවා.ඵමෙන්ම ඉතාලියේ දෙවන වැඩිම අලෙවියක් සහිත මෝටර් රථ සමාගමයි.ඔවුන් 2009 ඇමෙරිකාවෙ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් ඵක්ක Chrysler සමාගමේ වත්කම් මිලදී ගත්තා.ඵ් අනුව සමාගම් 2 ඵක්වුනා.

ඵ් අනුව Chrysler යටතේ පැවතිච්ච Dodge,Chrysler,Ram,Jeep යන වෙළෙද නාමවල හිමිකාරීත්වය නිතැතින්ම Fiat සමාගමට හිමිවුනා.මේ අනුව ඔවුන් වෙළෙද නාම 8 ක් යටතේ මෝටර් රථ නිෂ්පාදනය සිදුකරනවා.ඵ් අතරට Alfaromeo,Maserati,Fiat,Ferrari සහ Chrysler සමාගමේ  යිහත සදහන් කළ මාදිලි ඇතුළත් වෙනවා.Lancia මාදිලිය මේ වන විට ඉතාලියට පමණක් සීමා වී තිබෙනවා.ඵ් yspilon මාදිලිය සදහා පමණයි.ඵම වෙළෙද නාමයේ ක්‍රියාශීලී බවක් මේ වන විට දකින්නට ලැබෙන්නේ නෑ.

ඊට අමතරව විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල නිරත Fiat සමාගමේ මෝටර් රථ නිෂ්පාදනය ගැන සදහන් කලොත් පැති කීපයක් දක්වා ගමන් කරනවා.ඵ් අනුව ඔවුන්ට පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස CNH Industrial සමාගම ක්‍රියාත්මක වෙනවා.ඔවුන් Iveco,Magirus,Astra යන වෙළෙද නාම ඔස්සේ ලොරි සහ බස් රථ නිෂ්පාදනයත්,New Holland,Steyr,Kobelco,Case යන වෙළෙද නාම යටතේ කෘෂි වාහන නිෂ්පාදනයත් සිදුකරනවා.ඵ් අනුව ඔවුන් මෑතකදී  හදුන්වා දුන් Chrysler Pacifia සුඛෝපභෝගී වෑන් රථය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනා.මීට අමතරව ලැම්බොගිනි තරමටම ඉතා ජනප්‍රිය ඉතාලියේ Pagani මෝටර් රථ සමාගම මිලදී ගැනීමට ඔවුන් මේ වන විට දැඩි අවධානයකින් පසුවන බවයි පැවසෙන්නේ.

Lamboghini, Bugati හදන්නෙ Volkswagon ඵකෙන් : Brand 12 ක් තියෙනවා

ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා මෙන්ම වැඩිම ආදායමක් උපයන  මෝටර් රථ සමාගම වන්නේ ජර්මනියේ volkswagon සමාගමයි.ඔවුන් මෙම තත්වය ලබාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථ  නිෂ්පාදනයෙන්Audi,Porche,Benley,Lambogini,Bugati, ඵ් අතරින් විශේෂයි.මීට අමතරව Skoda,Seat ,Ducati වැනි මෝටර් රථ නිෂ්පාදනයත් සිදුකරනවා.



Volkswagon සමාගම විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල නිරත සමාගමක්.Volkswagon car තරමට Volkswagon Sausages නිෂ්පාදනත් යුරෝපය තුළ ගොඩක් ජනප්‍රියයි.බ්‍රසීලයට පමණක් Volkswagon වෙළෙද නාමය යටතේ  ලොරි රථ සහ බස් රථ නිෂ්පාදනය සිදුකරනවා.ඔවුන්ගේ වාණිජ වාහන (Commercial Vehicle) අතරින් Scania සහ Man නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිතයි.පහුගිය කාලවකවානුව තුළ  වොක්ස්වැගන් සමාගමේ ලංකාව තුළ කරන ආයෝජනයක් ගැන බෙහෙවින් කථාබහට ලක්වුනා.ඵහෙත් සමාගම පවසන්නේ ඵවැනි ආකාරයේ කිසිදු ආයෝජන කටයුත්තකට ලංකාව  තුළ අතගසා නොමැති බවයි.

Polaris Shutsdown Victory Brand,Focuses on Indian - වික්ටරි මෝටර් සයිකල් නිෂ්පාදනය නවතයි

ඇමෙරිකාවේ Polaris සමාගම දුර්වල අලෙවිය හේතුවෙන් Victory මෝටර් සයිකල් නිෂ්පාදනය නවතා දමා තිබෙනවා.වාර්ෂික මෝටර් සයිකල් අලෙවිය 20 ක් තරම් ඉතා පහළ අගයක පසුගිය වර්ෂ කීපය තුළ පැවතීම මෙම තීරණය  ගැනීමට හේතුව වී ඇති බවයි පැවසෙන්නේ.


1997 වසරේ ඇමෙරිකාවේ ලෝවා වලින් ඇරඹි වික්ටර් නිෂ්පාදනය අතහැර දැමීමත් සමග polaris සමාගම Slingshot(Three-wheeled car) සහ 2011 වසරේදී ඔවුන් විසින් මිලදී ගැනීමට යෙදුනු Indian Motorcycle වෙත අවධානය යොමු කරනු ඇතැයි විදෙස් පුවත් ආරංචි මාර්ග හෙළිදරව් කරනවා.Indian Motorcycle වලට ඉහළ අලෙවියක් ඇති නිසා ඇමෙරිකාව තුළ ඵහි වෙළෙදපොල‍ෙ දෙවැනි වන්නේ Harley-Davidson මෝටර් සයිකලයට පමණයි.
 

Srilanka Autosblog Template by Ipietoon Cute Blog Design